මාර්තු මස 21 වැනිදා ජාතික නාවිකයින්ගේ දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
ඒ අනුව වරාය, නාවික හා ගුවන් සේවා අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවකටයි කැබිනට් අනුමැතිය ලැබී ඇත්තේ.
නාවිකයින් විසින් මෙරට ආර්ථිකයට දක්වන දායකත්වය ඇගයීම සහ නාවික වෘත්තීය සඳහා උනන්දුවක් දක්වන්නන් ආකර්ෂණය කරගැනීම සඳහායි අමාත්‍යවරයා විසින් මෙම යෝජනාව කැබිනට් මණ්ඩලයට යොමු කර ඇත්තේ.