― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsupdate - සූරියවැව ඝාතනය - අනියම් සැමියාත් සිය දිවි නසා ගනී

update – සූරියවැව ඝාතනය – අනියම් සැමියාත් සිය දිවි නසා ගනී

සූරියවැව, පොල්පහ ප්‍රදේශයේ නිවසක් තුළදී තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කළ සිද්ධියේ සැකකරු සියදිවි හානි කරගෙන තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ සැකකරු ගෙළ වැළලාගෙන මෙලෙස සියදිවි හානි කරගෙන ඇති බවයි.

ඊයේ (05) පස්වරුවේ තියුණු ආයුධයකින් පහර දී සැකකරු විසින් 37 හැවිරිදි දෙදරු මවක් ඝාතනය කර තිබූ අතර සැකකරු විසින් ඝාතනය සිදු කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් දුරකථනයෙන් පොලිසිය අමතා දැනුවත් කර තිබෙනවා.

අදාළ පුද්ගලයා සහ කාන්තාව අතර දීර්ඝ කාලයක සිට අනියම් සබඳතාවයක් පවත්වා ඇති අතර එහිදී ඇතිවූ ආරවුලක් මත මෙම ඝාතනය සිදුකර ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

අපරාධය සිදුවන අවස්ථාවේ කාන්තාව පමණක් නිවසේ රැඳී සිට ඇති අතර ඇයගේ නීත්‍යානුකූල සැමියා නිවසේ සිට නැහැ.

ඝාතනය සිදුකිරීමෙන් පසු සැකකරු හම්බන්තොට, බැල්ලගස්වැව ප්‍රදේශයට ගොස් මෙලෙස සියදිවි හානි කරගෙන තිබෙනවා.