― political ―

අර්චුනාගේ මන්ත්‍රී ධුරය අහෝසි කරන්නැයි ඉල්ලූ පෙත්සමට අධිකරණයෙන් ලැබුණු නියෝගය

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්ජුනා රාමනාදන්ගේ මන්ත්‍රී ධුරය අවලංගු කරන ලෙස - අභියාචනාධිකරණයේ විරෝධතා ඉදිරිපත් කිරීමට කල් දෙයි අභිනව නිවහල් පෙරමුණේ සභාපති ඔෂල හේරත් විසින් ගොනු කර...
HomeHot Newsකෙහෙළිය පාර්ලිමේන්තු එන්න බෑ කියයි

කෙහෙළිය පාර්ලිමේන්තු එන්න බෑ කියයි

මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලට අද (07) ආරම්භ වන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය සඳහා සහභාගී වීමට අවසර හිමිව තිබෙනවා.

කෙසේනමුත් සැසිවාරයට සහභාගී වීම කෙහෙළිය රඹුක්වැල්ල විසින් ප්‍රතික්ෂේප කර ඇති බවයි වාර්තා වන්නේ.

මහත් ආන්දෝලනයට තුඩු දුන් හියුමන් ඉමියුනොග්ලොබියුලින් ගනුදෙනුවට අදාළව කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත් අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවා.

කෙහෙළිය ඊයේ (06) දිනයේදී පරිසර අමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස් වුණා.