― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsකෝටි 03ක අම්බර් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

කෝටි 03ක අම්බර් සමඟ තිදෙනෙක් අත්අඩංගුවට

කෝටි 3කට අධික වටිනාකමින් යුත් අම්බර් තොගයක් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද්ධ හමුදා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුවයි මෙම වැටලීම සිදු කර ඇත්තේ.

මොන්ටේරෝ වර්ගයේ ජීප් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන් වයස අවුරුදු 25 -30 ත් අතර පසුවන නකුළුගමුවේ පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.

ඊයේ (06) දෙවිනුවර සහ නාකුළුගමුව ප්‍රදේශයේදී මිරිස්ස අපරාධ කොට්ඨාසයේ නිළධාරින් විසින් මොවුන් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වඳවීමේ තර්ජනයට මුහුණපා ඇති තල්මසුන්ගේ ශරීරයෙන් ස්වභාවිකව නිකුත් කරනු ලබන ශුක්‍රාණු සහ වමනය අම්බර් ලෙස සැලකෙන අතර මේවා සුවඳ විලවුන් නිශපාදිතයින් අතර වැඩි ඉල්ලුමක් පවතින බවත් එමගින් සුවඳ විලවුන්වල සුවඳ දීර්ඝ කාලීනව පවත්වා ගත හැකි බවත් පැව්සෙනවා.