― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsමැතිසබය ජනපති අතින් අද ඇරඹෙයි

මැතිසබය ජනපති අතින් අද ඇරඹෙයි

09 වන පාර්ලිමේන්තුවේ පස්වැනි සභාවාරය අද (07) ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් උත්සවාකාරයෙන් විවෘත කිරීමට නියමිතය.

ඒ අනුව අද පෙරවරු 10.30ට ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇති.

පෙරවරු 10.25ට මන්ත්‍රීවරුන් මැතිසබයේ අසුන් ගැනීමට නියමිත අතර පෙරවරු 10.30ට ජනාධිපතිවරයා සභා ගර්භයට පිවිසීමට නියමිතය.

ජනාධිපතිවරයාගේ සම්ප්‍රාප්තියෙන් පසු පාර්ලිමේන්තු මහලේකම්වරිය විසින් පාර්ලිමේන්තු වාර අවසාන කිරීමේ සහ පාර්ලිමේන්තු රුස්වීම් කැඳවීමේ ප්‍රකාශය සභාවට කියවීමෙන් පසු ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව ඇමතීමට නියමිතය.

මෙවර පාර්ලිමේන්තුව විවෘත කිරීමේ උත්සවය ඉතා අඩු වියදමෙන් සරල සහ චාම් අයුරින් පැවැත්වීමට කටයුතු සූදානම් කරන ලෙසයි ජනාධිපතිවරයා උපදෙස් ලබා දී ඇත්තේ.