නීතිවිරෝධී ලෙස යාපනය කදෙයිකාඩු ප්රදේශයට ඔබ්බෙන් වූ මුහුදු ප්රදේශයේ ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයෙක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
වෙත්තලකේනී මුහුදේ මුර සංචාරයේ යෙදී සිටි නාවික හමුදා සෙබළුන් විසින් 23 හැවිරිදි තරුණයෙක් හා නීතිවිරෝධී ලෙස මසුන් ඇල්ලීමට යොදාගත් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගත් සැකකරු, ඩිංගි යාත්රාව සහ ධීවර ආම්පන්න ඉදිරි නීතීමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාර දී තිබෙනවා.