― political ―

අලුත් දේවල් හඳුන්වා දීම වික්‍රමසිංහ පරම්පරාවේ ලක්ෂණයක් – අගමැති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා උතුරේ සිට දකුණටත්, නැගෙනහිර සිට බටහිරටත් ජනතාවගේ මූලික අවශ්‍යතා හිඟයකින් තොරව ලබාදීමට කටයුතු කළ ශ්‍රේෂ්ඨ නායකයෙක් බව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන...
HomeHot Newsකඩාවැටුණු ආර්ථිකය කෙටි කලකින් ප්‍රකෘතිමත් කළා

කඩාවැටුණු ආර්ථිකය කෙටි කලකින් ප්‍රකෘතිමත් කළා

වැට් බද්ද බරක් කියා තමා දන්නා බවත් ඉදිරියේදී බදු බර අඩු කිරීමට පියවර ගන්නා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවා.

අද (07) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමිනුයි ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ.

කඩා වැටුණු ආර්ථිකය ‍ප්‍රකෘතිමත් කර ගැනීමට ග්‍රීසියට වසර 10කට වැඩි කාලයක් ගත වූ නමුත් ශ්‍රී ලංකාවට ඉතා කෙටි කාලයකදී සුවිශේෂී ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වූ බව ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

අතීතයේ සිට මේ දක්වාම ලෝකය විවිධ අර්බුදයන්ට මුහුණ දුන්නා. රටවල් අර්බුදයන්ට මුහුණ දුන්නා. පුද්ගලික ජීවිතයන් අර්බුද වලට මුහුණ දුන්නා. සමහර අවස්ථාවන් වලදී අර්බුදයෙන් ගොඩ එන්න පුළුවන් වුණා. තවත් සමහර අවස්ථාවලදී අර්බුදයෙන් ගොඩ එන්න බැරි වුණා. අර්බුදයකින් ගොඩඑන්න පුළුවන් වන්නේ අර්බුදයට සාප කර කර සිටීමෙන් නෙවෙයි.

2022 වසර පුරා කඩා වැටුණු ආර්ථිකය, 2023 වසරේදී වාර්තාගත ප්‍රගතියක් අත් කර ගත හැකි වූයේ අහම්බයකින් නෙවෙයි. ඉතා පරිස්සමින් හා දූරදර්ශීව සකස් කළ සියුම් ආර්ථික ප්‍රතිපත්තියක් ක්‍රියාවට නැංවීම තුළිනුයි.

2022 අවසානයේ දළ දේශීය නිෂ්පාදනයෙන් 1.9% ක් වූ ගෙවුම් ශේෂයේ ජංගම ගිණුමේ හිඟය, 1977න් පසු පළමු වරට 2023 වසර අවසානයේදී අතිරික්තයක් ඇති කර ගත හැකි වුණා. 2022 දී 7.8%කින් හැකිලුණු මෙරට දළ දේශීය නිෂ්පාදිතය අඛණ්ඩව කාර්තු 6ක් සෘණ වර්ධනයක් වාර්තා කළ නමුත් 2023 තුන්වන කාර්තුවේදී එය 1.6%ක වර්ධනයක් අත්පත් කර ගත්තා.

කඩා වැටුණු ආර්ථිකය ‍ප්‍රකෘතිමත් කර ගැනීමට ග්‍රීසියට වසර 10කට වැඩි කාලයක් ගත වූ නමුත් ශ්‍රී ලංකාවට ඉතා කෙටි කාලයකදී සුවිශේෂී ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වුණා. 2021 වසරේදී 194,495ක් වූ මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව 2023 වසරේදී 1,487,303ක් දක්වා ඉහළ නංවා ගැනීමට හැකි වුණා. මේ වසරේ ජනවාරියේදී පමණක් 200,000කට අධික සංචාරකයන් සංඛ්‍යාවක් පැමිණ තිබෙනවා. අපේ අපේක්ෂාව වසරකට ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයන් ප්‍රමාණය මිලියන 5ක් දක්වා ඉහළ නැංවීමයි.”