30.6 C
Colombo
Thursday, July 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsචාල්ස් රජු බැලීම සඳහා හැරී කුමරු ලන්ඩනයට

චාල්ස් රජු බැලීම සඳහා හැරී කුමරු ලන්ඩනයට

හැරී කුමරු එක්සත් ජනපදයේ සිට ලන්ඩනය වෙත පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

චාල්ස් රජුට පිළිකාවක් වැළඳී ඇති බවට බකිංහැම් මාළිගය විසින් නිවේදනය කිරීමත් සමඟයි හැරී කුමරු මෙලෙස තම පියා වන චාල්ස් රජු හමුවීමට පැමිණ ඇත්තේ.

මේ වනවිට 75 හැවිරිදි වියේ පසුවන චාල්ස් රජු තමාගේ ප්‍රතිකාර සඳහා මහජන රාජකාරිවලින් ඉවත් වන බවයි බකිංහැම් මාළිගය නිවේදනය කළේ.

ඒ අනුව චාල්ස් රජතුමා ඊයේ (06) ලන්ඩනයේ පිහිටි ඔවුන්ගේ නිවස වන ක්ලැරන්ස් හවුස් වෙතින් සැන්ඩ්‍රින්හැම් මාළිඟය බලා පිටත්ව ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.