31.1 C
Colombo
Thursday, January 15, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදකුණු ඉන්දීය සංගීතඥ හරිහරන් දිවයිනට

දකුණු ඉන්දීය සංගීතඥ හරිහරන් දිවයිනට

දකුණු ඉන්දීය සංගීතඥයෙකු වන හරිහරන් අද (07) දහවල් යාපනයේ පලාලි ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබෙනවා.

පෙබරවාරි 09 වැනිදා යාපනය, මුට්ට්‍රවේලි ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත සංගීත ප්‍රසංගයක් වෙනුවෙන් සහභාගි වීම සඳහායි හරිහරන් මෙලෙස යාපනය වෙත පැමිණ ඇත්තේ.

යාල් එඩියුකේෂන් සපොර්ට් අරමුදල වෙනුවෙන් අදාළ සංගීත ප්‍රසංගය පැවැත්වීමට නියමිතය.

ප්‍රකට දකුණු ඉන්දීය නිළියක් වන තමන්නා ද අදාළ ප්‍රසංගය වෙනුවෙන් සහභාගි වීමට නියමිත අතර, දකුණු ඉන්දීය සිනමා තරු හා සංගීතඥයින් රැසක් ප්‍රසංගය වෙනුවෙන් සහභාගි වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

දකුණු ඉන්දීය සිනමා නිළියක් වන රම්බා හා නැටුම් අධ්‍යක්ෂකවරයෙකු වන කලා මාස්ටර් නැමැත්තාද ඊයේ (06) යාපනය වෙත පැමිණ තිබෙනවා.