28.9 C
Colombo
Saturday, July 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsදරු දෙදෙනාට පහර දෙමින් වීඩියෝ කළ පියා අත්අඩංගුවට

දරු දෙදෙනාට පහර දෙමින් වීඩියෝ කළ පියා අත්අඩංගුවට

තම දරුවන් දෙදෙනාට අමානුෂික ලෙස පහර දී එය විඩියෝගත කර සමාජ මාධ්‍යයට එක් කළ බව කියන පියෙක් දිඹුලපතන පොලීසිය විසින් අද (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිඳ ගෘහ සේවය සඳහා විදේශගත වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

මොහු දිඹුල පතන පොලිස් වසමේ වතු යායක පිහිටි තම බිරිඳගේ නිවසේ පදිංචි සිටි 33 හැවිරිදි දෙදරු පියෙක් බවයි පොලීසිය පවසන්නේ.

මොහු පෙරේදා (05) රාත්‍රියේ තම නිවසේදි අවුරුදු 09 සහ 05 හැවිරිදි දරුවන් දෙදෙනාට පහර දී තිබෙනවා.

දරුවන් දෙදෙනා මිත්තණිය භාරයේ සිට ඇති අතර සැකකරු කොළඹ ප්‍රදේශයේ වාහන පිරිසිදු කිරිමේ මධ්‍යස්ථානයක සේවය කරන අයෙකු බවයි විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ.

දරුවන් දෙදෙනා පියාගේ උපදෙස් පිළි නොපදින නිසා සැකකරු විසින් දරුවන් දෙදෙනාට අතින් පහරවල් කිහිපයක් ගසා තිබෙනවා.

සැකකරු ලිදුල පොලිස් වසමට අයත් නාගසේන ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසේ දරුවන් දෙදෙනා සමග රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණා.

ලිදුල පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ළමුන් දෙදෙනා පොලිස් භාරයට ගත් අවස්ථාවේ ළමුන් නිරාහාරව සිටි නිසා ළමුන් දෙදෙනාට ආහාර පාන ලබාදීමට ලිදුල පොලිසිය පියවර ගෙන තිබෙනවා.