― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsයුක්තියෙන් අපරාධකරුවන් 785ක් අත්අඩංගුවට

යුක්තියෙන් අපරාධකරුවන් 785ක් අත්අඩංගුවට

ගෙවුණු පැය 24 තුළදී දිවයින පුරා මෙහෙයුම්වලින් අපරාධකරුවන් 785ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතරට මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 596ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 189ක් අයත් වනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 11ක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර
මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 596 දෙනා අතරින් සැකකරුවන් 07 කට රැඳවුම් නියෝග මත වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් 04ක් පුනුරුත්ථාපනය සඳහා යොමු කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

එසේම අපරාධ අංශවෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 189 දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 29ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 155 ක් හා අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 05ක් ද මෙම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එමෙන්ම මෙම මෙහෙයුම්වලදී හෙරොයින් ග්‍රෑම් 128ක්, අයිස් ග්‍රෑම් 115ක්, ගංජා කිලෝ 08 ග්‍රෑම් 626ක්, ගංජා පැළ 138,676ක්, මාවා ග්‍රෑම් 57 මිලිග්‍රෑම් 200ක්, මත්පෙති 34ක් සහ මදන මෝදක ග්‍රෑම් 125ක් අත්අඩංගුවට ගත් බවයි පොලීසිය පවසන්නේ.