26.7 C
Colombo
Wednesday, March 18, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඉන්දීය ධීවරයින් 19 දෙනෙක් අත්අඩංගුවට

ඉන්දීය ධීවරයින් 19 දෙනෙක් අත්අඩංගුවට

නීතිවි‍රෝධි ලෙස මෙරට උතුරු මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් 19 දෙනෙක් අත්අඩංගුවට ගත් බව නාවික හමුදාව පවසනවා.

උතුරු නාවික විධානයට සහ වෙරළාරක්ෂක නිලධාරීන්ට අයත් වේග ප්‍රහාරක මුර ‍යාත්‍රාවක් මඟින් ඩෙල්ෆ් මුහුදු ප්‍රදේශයේදී සිදු කරනු ලැබු මුර සංචාරයක් අතරතුරදීයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම ඉන්දීය ධීවරයින් 19 දෙනා සමඟ ධීවර යාත්‍රා දෙකක් ද ඊයේ (07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවරයින් සහ ට්‍රෝලර් යාත්‍රාව කන්කසන්තුරේ වරාය වෙතට රැගෙන ඒ්මෙන් පසුව එම ධීවරයින් පිරිස මයිලිඩ්ඩි ධීවර පරික්ෂක කාර්යාලය වෙත භාර දීමට කටයුතු කර තිබෙනවා.