― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsඔන්ලයින් පනත සංශෝධනයට සූදානම් - විජේදාස

ඔන්ලයින් පනත සංශෝධනයට සූදානම් – විජේදාස

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතතාව පිළිබඳ පනතේ යම් අඩුපාඩු පවතින බවට නිරීක්ෂණය වී ඇති බවත් ඒ සඳහා අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන්නේ නම් ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට සූදානම් බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) පාර්ලිමේන්තුවේදී විපක්ෂය විසින් යොමු කළ ප්‍රශ්නවලට පිළිතුරු ලබා දෙමිනි.

මේ නීතියේ අඩුපාඩු තියෙනවා. අපිත් සමහර ඒවා නිරීක්ෂණය කරලා තියෙනවා. ඒ නිසා අපි විවෘතයි. මේකේ අවශ්‍ය සංශෝධන මොනවද කියලා විපක්ෂයත් යෝජනා කරන්න. අපි සාකච්ඡා කරමු. ඒ බලය තියෙන්නේ පාර්ලිමේන්තුවට.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට අභියෝග කරන පෙත්සම් 40කට වැඩි ප්‍රමාණයක් තිබුණා. සති ගණනක් මේ පිළිබඳව විභාග පවත්වලා අධිකරණය ලබාදුන් නියෝගය… ශ්‍රේෂ්ඨාධිකරණය නඩු තීන්දුවෙන් සඳහන් කරපු සියලු කරුණු සැලකිල්ලට භාජනය කරලා අවසානයේදී ඒවා සංශෝධන හදලා නීතිපතිවරයාගෙන් සහතිකයක් අරගෙන තමයි අපි පාර්ලිමේන්තුවට සංශෝධන ඉදිරිපත් කරන්නේ.

අධිකරණයට කියන්න බැහැ මේක ගේන්නද? ගේන්න එපා කියන්න අධිකරණයට බලයක් නැහැ. අධිකරණයට තිබෙන එකම බලය තමයි යම් වගන්තියක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලද අනනුකූලද කියලා තීරණය කරන එක. එතකොට මේ පනතට ඇතුළත් කළ සියලු සංශෝධන පිළිබඳව නීතිපතිවරයා ගැඹුරින් අධ්‍යනය කරලා සහතිකයක් දීලා තියෙනවා. මේක සම්මත වෙච්ච පනතක්. මේක ගැන විවාද කරන්න දැන් බැහැ. හැබැයි මේ පනතේ සංශෝධනය විය යුතු තැනක් තියෙනවා නම් ඒකට බාධාවක් නැහැ. ඒවා සංශෝධනය කරන්න පුළුවන්.”