25.6 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකෝටි 37ක මැණික් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

කෝටි 37ක මැණික් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

නීතිවිරෝධී අයුරින් විකිණීමට තැත් කළ රුපියල් කෝටි 37ක මැණික් ගල් සමඟ හිමිනමක් ඇතුළු දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

යුද්ධ හමුදා බුද්ධි ඒකකයට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදු කර තිබෙනවා.

මෙම වැටලීමේදී අති දුර්ලභ කාක නිල් මැණික් ගල් (Sapphire Blue Stone) 02ක් ද සොයාගෙන ඇති බවයි කොස්ලන්ද පොලිසිය පැවසුවේ.

මෙම සිදුවීම සම්බන්ධයෙන් වැලිවේරිය ප්‍රදේශයේ හිමි නමක් ඇතුළුව සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට ගත් 72 හැවිරිදි එක් සැකකරුවෙකු ප්‍රසිද්ධ දේශපාලන පක්‍ෂයක ප්‍රාදේශිය දේශපාලඥයෙකුගේ පියෙකු බවයි අනාවරණය වී ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගත් මැණික් ගල් චෛත්‍යයක හැඩයකින් යුක්ත වන අතර ඒවා නිධන් වස්තු විනාශ කිරීමෙන් ලබාගෙන ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් කොස්ලන්ද පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.