27.8 C
Colombo
Thursday, August 28, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට අතවර කළ 18ක් අත්අඩංගුවට

පොදු ප්‍රවාහනයේදී කාන්තාවන්ට අතවර කළ 18ක් අත්අඩංගුවට

පොදු ප්‍රවාහනය තුළදී ළමයින්ට හා කාන්තාවන්ට සිදුවන ලිංගික අතවර හා අකටයුතුකම් වැළැක්වීම සඳහා ඊයේ (07) සිට දිවයින පුරා විශේෂ මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව දිවයින පුරා සිදු කළ විශේෂ මෙහෙයුමකින් ඒ හා සම්බන්ධ සැකකරුවන් 42 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ළමයින්ට හා කාන්තාවන්ට බස් රථ තුළදී හා දුම්රිය තුළදී විවිධ ලිංගික අතවර සිදුකරන ලද සැකකරුවන් 18ක් සහ ගැටකපන්නන් 24ක් ඒ අතරට අයත්ය.

මෙම මෙහෙයුම සඳහා මහජනතාව වැඩි වශයෙන් පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන උදෑසන 08.00 සිට 10.00 දක්වා සහ සවස 05.00 සිට රාත්‍රී 07.00 දක්වා කාලයේදී වැඩි ප්‍රමුඛත්වයක් ලබාදී සිවිල් ඇදුමින් සැරසුණු පොලිස් නිළධාරීන් කණ්ඩායම් රැසක් යොදවා තිබෙනවා.