29 C
Colombo
Thursday, July 17, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් තවත් 728ක් කොටුවෙයි

යුක්තියෙන් තවත් 728ක් කොටුවෙයි

ගෙවුණු පැය 24 දී දිවයින පුරා සිදුකළ මෙහෙයුම්වලින් සැකකරුවන් 728 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඉන්සැකකරුවන් 558ක් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් හා අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 170ක් අත්අඩංගුවට ගත් බවයි.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 558 දෙනා අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 14ක් සිටිනවා.

අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 170දෙනා අතරින් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධව විවෘත වරෙන්තු නිකුත්ව සිටි සැකකරුවන් 18ක් සහ මත්ද්‍රව්‍ය නොවන වැරදි සම්බන්ධව විවෘත වරෙන්තුකරුවන් 145 ක්ද අයත් වන බවයි පොලීසිය සඳහන් කළේ.

ඇඟිලි සටහන් මාධ්‍යයෙන් හදුනාගෙන අත්අඩංගුවට ගත් සැකකරුවන් 04ක් සහ අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 03ක්ද මෙම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හෙරොයින් ග්‍රෑම් 122ක්, අයිස් ග්‍රෑම්101ක්, ගංජා කිලෝ 05 ග්‍රෑම් 217ක්, ගංජා පැළ 23,521ක්, මාවා ග්‍රෑම් 404ක්, මත්පෙති 1,852ක් සහ මදන මෝදක ග්‍රෑම් 171ක් මෙම මෙහෙයුම්වලදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.