26.7 C
Colombo
Tuesday, August 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙළෙඳ කලාපයට හෙරොයින් සැපයූ අයෙක් අත්අඩංගුවට

වෙළෙඳ කලාපයට හෙරොයින් සැපයූ අයෙක් අත්අඩංගුවට

හෙරොයින් අලෙවි කළ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව කටුනායක පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පවසනවා.

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ රැකියාවල නිරත වී සිටින මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වී ඇති තරුණ සේවකයන් හට හෙරොයින් අලෙවි කරමින් සිටියදීයි අද (08) අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිඹුලාපිටිය ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි විවාහකයෙක් බවයි පොලීසිය පවසන්නේ.

මොහු තමන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරීවරයෙකු ලෙස පවසමින් කටුනායක ප්‍රදේශයේ ගැවසෙමින් මෙලෙස හෙරොයින් ජාවාරමේ නිරත වී තිබෙනවා.

මොහු කොළඹ ප්‍රදේශයෙන් මෙම හෙරොයින් මත්ද්‍රව්‍ය තොග වශයෙන් රැගෙන විත්, කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ සේවකයින් හට සිල්ලර වශයෙන් අලෙවි කිරීම කාලයක් තිස්සේ සිදු කරගෙන ගොස් තිබෙනවා.

මොහුද දැඩි ලෙස හෙරොයින් භාවිතයට ඇබ්බැහි වී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී මොහු සන්තකයේ තිබී රුපියල් ලක්ෂයක් පමණ වටිනා හෙරොයින් මිලිග්‍රෑම් 2,400 ක් පොලිස් නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.