26.1 C
Colombo
Tuesday, July 29, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහෙරොයින් ජාවාරම්කරු දිවි ඇති තෙක් සිපිරිගෙට

හෙරොයින් ජාවාරම්කරු දිවි ඇති තෙක් සිපිරිගෙට

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් සුදත් ප්‍රසන්න නමැති විත්තිකරුවෙකුටයි මෙලෙස ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කෙරුණේ.

2018 වසරේ ග්‍රෑන්ඩ්පාස්, ඛෙත්තාරාම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 5.9 ක් සමග පොලීසිය විසින් මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණා.

පසුව මොහුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබූ අතර එම දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා සඳහන් කළේ මෙම විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ල කර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවයි.

ඒ අනුව ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම කරන ලෙසයි විනිසුරුවරයා නියෝග කළේ.