26 C
Colombo
Wednesday, February 11, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsහොරෙන් ගෙන්වූ ජංගම දුරකථන තොගයක් අත්අඩංගුවට

හොරෙන් ගෙන්වූ ජංගම දුරකථන තොගයක් අත්අඩංගුවට

තීරු බදු රහිතව මෙරටට ආනයනය කරන ලද ජංගම දුරකථන සහ උපාංග තොගයක් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විශේෂ කාර්ය බලකාය ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුවයි ඊයේ (07) මෙම වැටලීම සිදු කර ඇත්තේ.

වැල්ලම්පිටිය පොලිස් වසමේ අංක 16/01, විහාර මාවත, කොළොන්නාව ලිපිනයේ සිදු කළ මෙම වැටලීමෙන් තීරුබදු නොගෙවා නීතිවිරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද ජංගම දුරකථන, ජංගම දුරකථන උපංග සහ ඔරලෝසු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී අබ්දුල් හමීඩ් මාවත, කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.