31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩයනාගේ පෙත්සමක් කල් යයි

ඩයනාගේ පෙත්සමක් කල් යයි

සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය ගෙන තිබෙන තීරණය නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ලෙස ඉල්ලා රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ විසින් ගොනු කර තිබෙන පෙත්සම ලබන 28 වැනිදා වැඩිදුර විභාගය සඳහා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අද (09) නියම කළා.

මෙම පෙත්සම අද එස්. තුරෙයි රාජා සහ කුමුදුනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිසියාකාරව සම්පූර්ණ වී නොමැති හෙයින් වැඩිදුර විභාගය සඳහා පෙත්සම ලබන 28 වැනිදා කැඳවන ලෙසයි විනිසුරු මඩුල්ල නියම කරනු ලැබුවේ.

පෙත්සම්කාර රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ කියා සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීමට සමගි ජන බලවේගය කටයුතු කර ඇති බවයි.

කිසිදු සාධාරණ විනය පරීක්‍ෂණයක් නොපවත්වා සිය පක්ෂ සාමාජිකත්වය අහිමි කිරීම නීතියට පටහැනි යැයි තීන්දු කොට එම තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ඩයනා ගමගේ මෙම පෙත්සම ඉදිරිපත් කර තිබෙනවා.