නියමිත බර හා මිල ප්රදර්ශනය නොකළ බේකරි 232කට එරෙහිව නඩු පවරා තිබෙනවා.
පාන් ගෙඩියක හා පාන් භාගයක තිබිය යුතු නියමිත බර සඳහන් කරමින් කරමින් පසුගියදා රජය විසින් විශේෂ ගැසට් නිවේදනයක් ද නිකුත් කරනු ලැබුවා.
ඒ අනුව පෙබරවාරි 05 වැනිදා සිට පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් දිවයින පුරා වැටලීම් ආරම්භ කළා.
එම වැටලීම්වලදීයි මෙම අඩු බර පාන් අලෙවි කළ බේකරි 232ක් හඳුනාගෙන ඇත්තේ.
එම බේකරි හිමියන්ට එරෙහිව නඩු පැවරීමට පාරිභෝගික කටයුතු අධිකාරිය පියවර ගෙන තිබෙනවා.