― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsආණමඩුවේ වෙඩි තැබීමක්

ආණමඩුවේ වෙඩි තැබීමක්

ආණමඩුවේ වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඊයේ (08) රාත්‍රියේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි අයෙකුට මෙලෙස වෙඩි තබා ඇති බවයි.

මෙම වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා පලා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඊයේ (08) රාත්‍රීයේ ආණමඩුව, තට්ටෑව මාර්ගයේ සුසාන භූමිය ආසන්නයේදී මෙම වෙඩි තැබීම සිදුව තිබෙනවා.

වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත්තේ ආණමඩුව, පේත්තුකුලම පදිංචිකරුවෙකු වන අවුරුදු 44ක පුද්ගලයෙක් බවයි පොලීසිය පැවසුවේ.

වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ පුද්ගලයා ප්‍රතිකාර සඳහා එම අවස්ථාවේදීම ආණමඩුව දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔහු පුත්තලම මූලික රෝහලට මාරු කර යවා තිබෙනවා.

වෙඩි තැබීමෙන් තුවාලකරුගේ වම් බාහුවට බරපතල හානි සිදුව තිබෙනවා.

පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ වෙඩි තැබීම සඳහා බෝර 12 උණ්ඩ යෙදිය හැකි ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් භාවිතා කර ඇති බවයි.