26.7 C
Colombo
Thursday, September 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋතුරේ පානීය ජල ගැටලුව විසඳන්න නෙදර්ලන්තයේ සහාය

උතුරේ පානීය ජල ගැටලුව විසඳන්න නෙදර්ලන්තයේ සහාය

උතුරු පළාතේ සංවර්ධන ව්‍යාපෘති සඳහා අවශ්‍ය දායකත්වය ලබාදීමට තමන් සූදානම් බව නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපතිවරයා පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපති අයිවන් රුට්ජන්ස් (Iwan Rutjens) හා උතුරු පළාත් ආණ්ඩුකාර පී. එස්. එම්. චාල්ස් අතර හමුවක් ඊයේ (08) පැවැත්වුණා.

එහිදීයි නියෝජ්‍ය තානාපතිවරයා මේ බව පවසා ඇත්තේ.

යාපනයේ පිහිටි උතුරු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පැවති මෙම හමුවේදී ආණ්ඩුකාරවරිය උතුරු පළාතේ සිදුකරන සංවර්ධන ව්‍යාපෘති සහ අවශ්‍යතා පිළිබඳව පැහැදිලි කර තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකාවේ නෙදර්ලන්ත නියෝජ්‍ය තානාපති Iwan Rutjens පැවසුවේ උතුරේ පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා අවශ්‍ය සහයෝගය ලබාදීමට තමන් සූදානම් බවයි.

ආයෝජන ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීමට සහ උතුරු පළාතේ සංවර්ධනයට අවශ්‍ය දායකත්වය ලබාදීමට තමන් සූදානම් බවටද ඔහු සහතික විය.