― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකොළඹට පැය 15ක ජල කප්පාදුවක්

කොළඹට පැය 15ක ජල කප්පාදුවක්

කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 15ක ජල කප්පාදුවක් සිදු කිරීමට නියමිත බව ජල සම්පාදන සහ ජලාපවාහන මණ්ඩලය පවසනවා.

අඹතලේ ජල සැපයුම වැඩිදියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතියේ සිදුකෙරෙන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙම ජල කප්පාදුව සිදුකරන බවයි එම මණ්ඩලය පවසන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය සඳහන් කරන්නේ ඒ අනුව හෙට (10) සිට පැය 15ක කාලයක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බවයි.

ඒ අනුව හෙට (10) සවස 5.00 සිට 11 වැනිදා උදෑසන 8.00 දක්වා පැය 15ක කාලයක් කොළඹ 11, 12, 13, 14 සහ 15 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇති.

ජල සැපයුම මෙලෙස අත්හිටටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කර සිටිනවා.