32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsගෝලීය උණුසුම සෙල්සියස් 1.6 දක්වා ඉහළට

ගෝලීය උණුසුම සෙල්සියස් 1.6 දක්වා ඉහළට

ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් 1.6 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ ලෝක ඉතිහාසයේ ගෝලීය උෂ්ණත්ව සීමාව ඉක්මවා ගිය ප්‍රථම අවස්ථාව මෙය වන බවයි.

ලෝක නායකයන් විසින් ප්‍රංශයේ පැරිස් නගරයේ 2015 වසරේ පැවති ගෝලීය දේශගුණික විපර්යාස සමුළුවට සහභාගි වෙමින් පරිසරයට මුදා හැරෙන මිනිසාට අහිතකර කාබන් වායුව කපා හරිමින් ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ක ඉක්මවීමට ඉඩ නොදෙන බවට ප්‍රතිඥාවක් දී තිබුණා.

විද්‍යාඥයන් පෙන්වා දෙන්නේ පරිසරයට හානිකර වායු මුදා හැරීම මෙලෙස ගෝලීය උෂ්ණත්වය ඉහළ යාමට හේතුව වී ඇති බවයි.

ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5ක් ඉක්මවා යාම මිනිසාට මෙන්ම ගහකොළ හා සතුන්ට හානිකර ප්‍රතිඵල අත්විය හැකි නිසා ලෝක නායකයන් විසින් මෙලෙස ප්‍රතිඥාව ලබා දීමට හේතු විය.

විද්‍යාඥයන් පෙන්වා දෙන අන්දමට ගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 1.5 ඉක්මවමින් සෙල්සියස් අංශක 2ක් දක්වා ඉහළ ගියහොත් දරුණු තාප තරංග මුහුදු ජල මට්ටම ඉහළ යෑම හා වන සතුන් විශාල වශයෙන් මිය යෑම වැනි දරුණු ප්‍රතිවිපාකවලට මුහුණ පෑමට සිදු විය හැකියි.