― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsදැරියකට හදි කළ අයෙක් වසර 10කට පසු අල්ලයි

දැරියකට හදි කළ අයෙක් වසර 10කට පසු අල්ලයි

වසර 10ක් අධිකරණය මග හරිමින් සැඟව සිටි වරෙන්තුකරුවෙක් මාවනැල්ල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අප වාර්තාකරු සඳහන් කළේ මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පාසල් සිසුවියක් දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ විභාග වෙමින් පවතින නඩුවකට පෙනී නොසිටිමින් අධිකරණය මගහරිමින් සිටි අයෙක් බවයි.

නෝටන්බ්‍රිජ්, ටෙබර්ටන් වත්ත ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණයෙකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු පදිංචිව සිටි වත්තේම 11 හැවිරිදි පාසල් දැරියක් දූෂණය කිරීමේ චෝදනාව යටතේ නෝටන්බ්‍රිජ් පොලිසිය විසින් මීට වසර 10කට පෙර සැකකරු අත්අඩංගුවට ගැනීමට සූදානම්ව සිටියා.

නමුත් එම අවස්ථාවේ සැකකරු ප්‍රදේශයෙන් පලාගොස් දිවයිනේ විවිධ ප්‍රදේශවල සැඟව සිට විවිධ රැකියාවල නිරත වී සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරු මාවනැල්ල ප්‍රදේශයේ වෙස් වලාගෙන කඩල විකුණමින් සිටින බවට නෝටන්බ්‍රිජ් පොලිසියට ලද තොරතුරක් මත මොහු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අනතුරුව යුක්තිය මෙහෙයුමට සමගාමීව මාවනැල්ල ප්‍රදේශයේදී සිදු කළ සෝදිසි මෙහෙයුමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.