23 C
Colombo
Sunday, February 23, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsපොදු ප්‍රවාහනයේ සලෙලුන්ට වසර 5ක සිර දඬුවම්

පොදු ප්‍රවාහනයේ සලෙලුන්ට වසර 5ක සිර දඬුවම්

පොදු ප්‍රවාහනයේදී ලිංගික අතවර කිරීම් සහ කාන්තා හිංසනයන් සිදු කරන පුද්ගලයන්ට වසර 5කට වැඩි සිර දඬුවමක් හිමිවීමට ඉඩකඩ පවතින බව පොලිසිය පවසනවා.

අපරාධ නීති සංග්‍රහයේ 345 වගන්තියට අනුව මෙම සිර දඬුවම නියම කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව පැවසුවේ.

පොදු ප්‍රවාහනයේදී කාන්තා හිංසනයට සම්බන්ධ අය ගැන සැකයක් ඇති වුවහොත් සිවිල් ඇඳුමින් සැරසී සිටින පොලිසිය ඔවුන් නිරීක්ෂණය කර එය සිය කැමරාවල සාක්ෂි ලෙස සටහන් කර ගනී. පසුව ඔවුන් අත්අඩංගුවට ගෙන සුදුසු නීතිමය ක්‍රියාමාර්ගවලට යොමු කිරීමට නියමිතය.

මේ අතර අසත්‍ය පැමිණිලි ලබාදෙන ඕනෑම අයෙකුට එරෙහිව පියවර ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.