25.6 C
Colombo
Friday, September 19, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් තවත් 705ක් අත්අඩංගුවට

යුක්තියෙන් තවත් 705ක් අත්අඩංගුවට

දිවයින පුරා ගෙවුණු පැය 24 තුළ සිදු කළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 705ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 553ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 152ක් ඒ අතරට අයත්.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 05ක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර අපරාධවලට අවශ්‍ය කරන සැකකරුවන් 03ක්ද මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ අත්අඩංගුවට ගත් සැකකරුවන් 553 දෙනා අතරින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් 03ක් පුනරුත්ථාපනය සඳහා යොමු කර තිබෙනවා.

මෙම මෙහෙයුමේදී හෙරොයින් ග්‍රෑම් 143 මිලිග්‍රෑම් 600ක්, අයිස් ග්‍රාම් 134 මිලිග්‍රෑම් 578ක්, ගංජා කිලෝග්‍රෑම් 2 ග්‍රෑම් 888ක්, මාවා කිලෝග්‍රෑම් 3 ග්‍රෑම් 339ක්, මදන මෝදක ග්‍රෑම් 928ක් හා මත්පෙති 255ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.