― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsරනිල් හා ඕස්ට්‍රේලියානු විදේශ ඇමති අතර හමුවක්

රනිල් හා ඕස්ට්‍රේලියානු විදේශ ඇමති අතර හමුවක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍ය පෙනී වොන්ග් (Penny Wong) අතර හමුවක් සිදුව තිබෙනවා.

ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සමගාමීයි මෙම හමුව පවත්වා ඇත්තේ.

ඕස්ට්‍රේලියානු රජය වෙනුවෙන් මෙහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාව ගෞරවයෙන් පිළිගත් ඕස්ට්‍රේලියානු විදේශ කටයුතු අමාත්‍යවරිය මෙම සමුළුව සඳහා ශ්‍රී ලංකාව ලබාදෙන සුවිශේෂී සහාය ද ඇගයීමට ලක් කළාය.

ඉන්දියන් සාගරය සම්බන්ධයෙන් ඕස්ට්‍රේලියානු රජයේ කැපවීම සහ කලාපයේ සෙසු රටවල් සමඟ පවත්නා සහයෝගීතාව පිළිබඳව ද අමාත්‍යවරිය මෙහිදී කරුණු පැහැදිලි කළාය.

ඉන්දියානු සාගර කලාපීය වටද්දර රටවල සංගමයේ (IORA) ක්‍රියාකාරිත්ව සහ වැදගත්කම අවධාරණය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ ඉන්දියන් සාගරය දෙසට බල කඳවුරු මාරුවීමත් සමඟ කලාපය තුළ ඕස්ට්‍රේලියාව සමඟ පවතින සම්බන්ධතා වර්ධනය වීම වැදගත් පියවරක් බවයි.

ඉන්දීය සාගර සමුළුවට සහභාගී වීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ (08) ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගියා.