― political ―

ශ්‍රී ලංකාව වල පල්ලට යවනවාද කියා තීරණය ඇත්තේ ජනතාව අතේ – ශෙහාන්

ආර්ථික වශයෙන් පිහිතලයක් මත ඇති අයිස් කන්දක් මෙන් පවතින ශ්‍රී ලංකාව ඉතාමත් සීරුවෙන් කළමනාකරණය කළ යුතුව පවතින බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය මත ශ්‍රී...
HomeHot Newsසුපිරි ප්ලෑන් ගසා සොරකමේ ගිය අයෙක් අත්අඩංගුවට

සුපිරි ප්ලෑන් ගසා සොරකමේ ගිය අයෙක් අත්අඩංගුවට

මොරටුව, පිළියන්දල, මහරගම, වැලිකඩ, තලංගම, කැස්බෑව, කොහුවල, කිරුලපන, මිරිහාන, මාලඹේ, කඩුවෙල, හෝමාගම ආදී පොලිස් බල ප්‍රදේශ 19ක භාණ්ඩ සොරකමේ ගිය පුද්ගලයෙකු මොරටුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ එම පුද්ගලයාගෙන් භාණ්ඩ මිලදී ගත් පුද්ගලයින් දෙදෙනෙකු ද අත්අඩංගුවට ගත් බවයි.

ඊයේ (08) කටුබැද්ද සොයිසා ක්‍රීඩාංගණය අසළ සැක කටයුතු ලෙස හැසිරුණු මෙම පුද්ගලයා අපරාධ අංශයේ නිලධාරීන් විසින් පරික්ෂා කර ඇති අතර එහිදී ඔහුගේ යට ඇඳුමක සඟවා තිබූ හෙරොයින් මිලිග්‍රෑම් 6120ක් සොයා ගැනීමට හැකි වී තිබෙනවා.

එම අවස්ථාවේදී ඔහුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලදී ඔහු පවසා ඇත්තේ මොරටුව ඇතුළු ප්‍රදේශ කිහිපයක තමා විවිධ භාණ්ඩ සොරකම් කර ඇති බවයි.

එමෙන්ම දහවල් කාලයේ මෙම වෙළඳසැල නිරීක්‍ෂණය කර රාත්‍රී කාලයේ වෙළෙඳසැල බිඳීමට බලාපොරොත්තුවෙන් වෙළෙඳසැල ආසන්නයේ හිඟන්නෙක් මෙන් නිදාගෙන සිටින බවත් ඔහු පොලීසිය හමුවේ පවසා තිබෙනවා.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 48 හැවිරිදි වියේ පසුවන මානගේ දොන් උපුල් ප්‍රසන්න නොහොත් ‘මුල්ලේරියාවේ බංචි’ යන අනවර්ථ නාමයෙන් හඳුන්වනු ලබන පුද්ගලයෙකි.

මොහු මීට පෙර අවස්ථා කිහිපයකදීම සොරකම් සම්බන්ධව බන්ධනාගාර ගතවී සිට ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

පොලීසිය පැවසුවේ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා භාණ්ඩ මොහු සොරකම් කර ඇති බවයි.

ඒ අනුව ලැප්ටොප් 14ක්, රූපවාහිනී 06ක්, රූපලාවණ්‍යාගාර 07ක භාණ්ඩ, ගොඩනැගිලි ඉදිකිරීම් සඳහා යොදාගන්නා භාණ්ඩ, සංගීත නිර්මාණ කිරීම සඳහා යොදාගන්නා විදුලි ඕගන 03ක්, විස්කි බෝතල් දෙකක් සහ ගිටාරයක් මොහු සන්තකයේ තිබී සොයාගෙන තිබෙනවා.