31.1 C
Colombo
Sunday, July 13, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsකොත්මලා ඔයේ කාන්තා මළ සිරුරක්

කොත්මලා ඔයේ කාන්තා මළ සිරුරක්

කොත්මලා ඔයේ තිබී හදුනා නොගත් කාන්තා මළ සිරුරක් සොයාගත් බව ලිදුල පොලිසිය පවසනවා.

අප වාර්තාකරු සඳහන් කළේ ඉහළ කොත්මලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කොත්මලා ඔයේ තිබී මෙම කාන්තා මළ සිරුර සොයාගෙන ඇති බවයි.

කොත්මලා ඔයේ නාදුනන කාන්තා මළ සිරුරක් පාවෙමින් තිබෙන බවට ප්‍රදේශවාසීන් විසින් ලබාදුන් තොරතුරක් මත ලිදුල පොලිසිය විසින් මෙම මළ සිරුර සොයාගෙන තිබෙනවා.

මෙලෙස මියගොස් ඇත්තේ අවුරුදු 45 පමණ වයසැති කාන්තාවක් වන අතර මියගොස් සිටි කාන්තාව රතු පාට හැට්ටයක් සහ කළු පාට සායක් හැඳ සිටි බවයි පොලීසිය පවසන්නේ.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා මළ සිරුර නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.