― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsග්‍රාම නිලධාරිනියට හදි කරන්න හැදූ අයෙක් අල්ලයි

ග්‍රාම නිලධාරිනියට හදි කරන්න හැදූ අයෙක් අල්ලයි

ග්‍රාම නිලධාරිනියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කල්පිටිය පොලිසිය පැවසුවේ සිද්ධිය සම්බන්ධයෙන් පරිපාලන ග්‍රාම නිලධාරීවරයෙක් ඊයේ (11) අත්අඩංගුවට ගත් බවයි.

කල්පිටිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අනුයුක්තව කටයුතු කරන 35 හැවිරිදි ග්‍රාම නිලධාරිනියක් විසින් සිදු කළ පැමිණිල්ලකට අනුවයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඉකුත් ජනවාරි මස 20 වනදා පරිපාලන ග්‍රාම නිලධාරීවරයා තම නිවසට පැමිණි අවස්ථාවේ දී ඔහු තමන්ට ලිංගික අතවර කිරීමට උත්සාහ කළ බවට ග්‍රාම නිලධාරිනිය පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

සැකකාර පරිපාලන ග්‍රාම නිලධාරීවරයා අද (12) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.