28.4 C
Colombo
Friday, July 11, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපන්නිපිටියේ කම්හලක ගින්නක්

පන්නිපිටියේ කම්හලක ගින්නක්

පන්නිපිටිය, මහල්වරාව ප්‍රදේශයේ හඳුන්කූරු නිෂ්පාදන ආයතනයක් හා ඇඟලුම් කම්හලක් පවත්වාගෙන යන ස්ථානයක අද (12) උදෑසන ගින්නක් හටගෙන තිබෙනවා.

මහරගම පොලිසිය පැවසුවේ අද උදෑසන 7ට පමණ මෙම ගින්න හටගෙන ඇති බවයි.

අප වාර්තාකරු පැවසුවේ ගින්නෙන් කිසිවකුටත් හානියක් සිදුව නොමැති අතර ඇඟලුම් කම්හලෙහි ගබඩා කර තිබූ ලක්ෂ ගණනක් වටිනා ඇඟලුම් ගිනිගෙන විනාශ වී ඇති බවයි.

ගින්න හට ගැනීමත් සමඟ කෝට්ටේ ගිනි නිවන දෙපාර්තමේන්තුවේ ගිනි නිවන රථ 2 ක්, ජල බවුසර් තුනක් පැමිණ ගින්න නිවා දැමීමට උත්සාහ කරමින් සිටිනවා.

ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ගින්නෙන් කිසිවෙකුටත් හානි සිදුව නොමැත.

සිද්ධිය සම්බන්ධයෙන් මහරගම පොලිසිය පරීක්ෂණ පවත්වයි.