30.6 C
Colombo
Saturday, July 12, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඔන්ලයින් පනතේ සංශෝධන අමාත්‍ය මණ්ඩලයට

ඔන්ලයින් පනතේ සංශෝධන අමාත්‍ය මණ්ඩලයට

පසුගියදා පාර්ලිමේන්තුවේ දී සම්මත කරගත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ (ඔන්ලයින් පනත) සංශෝධන කිහිපයක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් පවසනවා.

ඒ අනුව අද (12) දිනයේදී රැස්වෙන අමාත්‍ය මණ්ඩල හමුවට හෝ ලබන සතියේ රැස්වෙන අමාත්‍ය මණ්ඩල හමුවට එම සංශෝධනයන ඉදිරිපත් කරන බවයි වාර්තා වුණේ.

විවිධ පාර්ශ්වවල විරෝධතා සැලකිල්ලට ගනිමින් රහය විසින් මෙම සංශෝධනය සිදුකිරීමට නියමත බව සඳහන්.

ඒ අනුව එම සංශෝධනයන් වලින් පසු සංශෝධිත පනත් කෙටුම්පත ගැසට් කිරීමෙන් අනතුරුව පළමු වර කියවීම එළඹෙන පාර්ලිමේන්තු දිනයන්වලදී ඉදිරිපත් කිරීමට නියමිතයි.

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනතේ බොහෝ වගන්ති සම්බන්ධයෙන් විපක්ෂය ඇතුළු බොහෝ පාර්ශ්වව දැඩි විවේචන එල්ල කරනු ලැබුවා.