27.8 C
Colombo
Friday, June 27, 2025

― political ―

ජාතික ජන බලවේගයේ පක්ෂ නායකයින් අද මැතිවරණ කොමිසම හමුවට

ජාතික ජන බලවේගයේ පක්ෂ ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා ඇතුළු පක්ෂ නායකයින් පිරිසක් අද (19) මැතිවරණ කොමිසම හමුවීමට නියමිතය. පළාත් පාලන මැතිවරණ පැවැත්වීමේ සුදානම...
HomeHot Newsකච්චතිව් මංගල්‍යයට සහභාගී වන්නන්ට උපදෙස් මාලාවක්

කච්චතිව් මංගල්‍යයට සහභාගී වන්නන්ට උපදෙස් මාලාවක්

කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය 23, 24 යන දෙදින තුළ පැවැත්වීමට නියමිතය.

ඒ අනුව යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා විසින් මහජනතාවට උපදෙස් මාලාවක් ලබා දී තිබෙනවා.

  1. යාපනය බස් නැවතුම්පොළේ සිට කුරිකඩ්ඩුවාන් දක්වා රජයේ සහ පෞද්ගලික බස් රථ 23 වැනිදා පෙරවරු 5 සිට රාත්‍රී 10 දක්වා ධාවනය කෙරේ.
  2. කච්චතිව් වෙත බෝට්ටු සේවය 23 වැනිදා පෙරවරු 5 සිට දහවල් 12 දක්වා. (කුරිකඩ්ඩුවාන්, නයිනතිව් සහ නෙඩුන්දිව්)
  3. කුරිකඩ්ඩුවාන්, නයිනදිව් සහ නෙඩුන්දිව් ගොඩ බැසීමට එක් මගියෙකුට යාත්‍රා ගාස්තුව රුපියල් 1500 කි.
  4. පිට දිස්ත්‍රික්කවල සිට තමන්ගේම බෝට්ටුවලින් උත්සවයට යන අය තම වාසස්ථාන අසළ පිහිටි නාවික හමුදා කඳවුරු අමතා නිසි මුහුදු ආරක්‍ෂක අවසරය ලබා ගත යුතු අතර බෝට්ටුවල ගමන් කරන්නන් කණ්ඩායම් වශයෙන් මිස වෙන වෙනම බෝට්ටුවලින් නොගොස් ආරක්ෂිතව ගමන් කළ යුතුය. ඔවුන් 23 වැනිදා සවස 6 ට පෙර කච්චතිවේ වෙත ළඟා වීමට ගමන් ආරම්භ කළ යුතුය.
  5. කච්චතිව් උත්සවයට සහභාගි වන බැතිමතුන් තමන් විසින් සාදාගත් ආහාරපාන රැගෙන ආ යුතුය.
  6. කච්චතිව් ශාන්ත අන්තෝනි දේවස්ථානය වන්දනාකරුවන්ගේ පූජනීය ස්ථානයක් බැවින් මධ්‍යසාර රැගෙන යාම සහ මත්පැන් පානය කිරීම සපුරා තහනම් වෙයි.