29 C
Colombo
Friday, January 16, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඩයනාට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

ඩයනාට එරෙහි පෙත්සම් විභාගය ඇරඹෙයි

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු පෙත්සමක් නිෂ්ප්‍රභ කරමින් ඉකුත් දා අභියාචනාධිකරණය දුන් තීන්දුවට එරෙහිව ඉදිරිපත් කර තිබෙන අභියාචනා පෙත්සමක් අද (12) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගැනුණා.

සමාජ ක්‍රියාකාරිකයකු වන ඕෂල හේරත් විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණා.

එම පෙත්සම අද (12) ගාමිණී අමරසේකර, කුමුදුනි වික්‍රමසිංහ සහ ජනක් ද සිල්වා යන අයගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ විභාගයට ගනු ලැබුවා.

වැඩිදුර පෙත්සම් විභාගය හෙට (13) දින තෙක් කල් තැබුණා.