29.5 C
Colombo
Sunday, August 10, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsතේ කම්හලක යන්ත්‍රයට සිර වී කම්කරුවෙක්ට බරපතලයි

තේ කම්හලක යන්ත්‍රයට සිර වී කම්කරුවෙක්ට බරපතලයි

බලංගොඩ, රාස්සගල තේ කර්මාන්තශාලාවක තේ දළු ප්‍රවාහනය කරන යන්ත්‍රයට ගෙල සිරවීමෙන් කම්කරුවෙකු බරපතළ තුවාල ලබා තිබෙනවා.

බලංගොඩ පොලීසිය පැවසුවේ ඔහු අද (12) මෙම අනතුරට මුහුණ පා ඇති බවයි.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ කම්කරුවා බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර වැඩිදුර ප්‍රතිකාර සඳහා රත්නපුර මහ රෝහල වෙත මාරු කර යවා තිබෙනවා.

වී. මහේන්ද්‍රන් නැමැති කම්කරුවෙක් මෙම අනතුරට මුහුණ පා ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තේ කර්මාන්තශාලාවේ පහළ මහලේ සිට ඉහළ මාලයට දළු ප්‍රවාහනය කරන යන්ත්‍රයට ගෙල සිරවීමෙන් ඔහු මෙම අනතුරට මුහුණ පා තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් බලංගොඩ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබනවා.