32.2 C
Colombo
Thursday, March 19, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsපාරේ වී වේලමින් සිටි ගොවියෙක් ජීවිතක්ෂයට

පාරේ වී වේලමින් සිටි ගොවියෙක් ජීවිතක්ෂයට

මාර්ගයේ වී වේලමින් සිටි ගොවියෙකු මිය ගොස් ඇති බව පේදුරුතුඩුව පොලීසිය පවසනවා.

යාපනය, කොඩිකාමම් – පේදුරුතුඩුව ප්‍රධාන මාර්ගයේ මාක්කිරායි ප්‍ර‌දේශයේදී අද (12) උදෑසන සිදුවූ අනතුරකින් මෙම ගොවියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අනතුරින් මිය ගොස් ඇත්තේ මාක්කිරායි ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි ගොවියෙකි.

අප වාර්තාකරු සඳහන් කළේ මහ කන්නයේ වී අස්වැන්න නෙලීමෙන් පසුව නෙලාගත් වී අස්වැන්න වේලීම සඳහා මාක්කිරායි ප්‍රධාන මාර්ගයට දමා වී වේලමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි.

පලෙයි සිට පේදුරුතුඩුව දෙසට ධාවනය වූ යතුරුපැදියක ගැටීමෙන් බරපතල තත්ත්වයෙන් පසු වූ ගොවියා පේදුරුතුඩුව රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මිය ගොස් තිබෙනවා.

උදෑසන කාලයේ පැවති මීදුම් තත්වය හේතුවෙන් යතුරුපැදිකරුට ගොවියා නොපෙනීමෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවටයි පොලීසිය සැක පළ කරන්නේ.