26.7 C
Colombo
Saturday, January 17, 2026

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsයුක්තියෙන් තවත් 625ක් අත්අඩංගුවට

යුක්තියෙන් තවත් 625ක් අත්අඩංගුවට

ගෙවුණු පැය 24 තුළ දිවයින පුරා සිදු කළ මෙහෙයුම්වලින් අපරාධකරුවන් 625 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය විසින් අපරාධකරුන් හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කරගැනීමේ අරමුණෙන් දිවයින පුරා ආරම්භ කළ යුක්තියේ මෙහෙයුමෙනුයි මොවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

එම මෙහෙයුමට සමගාමීව මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 545 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 80 ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 545 දෙනා අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය සහ පොලිස් විශේෂ කාර්යංශයේ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 07 දෙනෙක්ද සිටින බවයි පොලීසිය පවසන්නේ.

එලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 160ක්, අයිස් ග්‍රෑම් 152ක්, ගංජා කිලෝ 10 ග්‍රෑම් 745ක්, ගංජා පැල 34,237ක්, මාවා ග්‍රෑම් 31ක්, මත්පෙති 683ක්, තූල් ග්‍රෑම් 226ක් හා මදන මෝදක ග්‍රෑම් 264ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.