27.2 C
Colombo
Friday, July 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ. කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsවෙඩි වැදුණු පොලිස් සැරයන් ජීවිතක්ෂයට

වෙඩි වැදුණු පොලිස් සැරයන් ජීවිතක්ෂයට

මල්වතුහිරිපිටිය, බටේපොල ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේ දී වෙඩි වැදීමකට ලක්ව ප්‍රතිකාර ලබමින් සිටි පොලිස් නිලධාරියා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අදාළ පොලිස් නිලධාරියා ඊයේ (11) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.

මල්වතුහිරිපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඔහු 51 හැවිරිදි ඉහළ ලුනුගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වන්නේ.

මේ අතර මෙම පොලිස් නිලධාරියාට වෙඩි තබා ඔහුගේ රාජකාරී ගිනි අවිය පැහැරගෙන පළාගිය සැකකරු ඊයේ (11) දහවල් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු සමඟ කාන්තාවක් ද අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු විසින් පැහැරගත් පොලිස් නිලධාරියාගේ ගිනි අවිය සහ ජීව උණ්ඩ හතරක් ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරකට අනුව ගම්පහ, වතුරුගම ප්‍රදේශයේ සඟවා තිබිය දී අදාළ රිවෝල්වරය සහ ජීව උණ්ඩ සොයාගත් බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරු ගම්පහ ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි ත්‍රීවිල් රථ රියදුරෙක් බවයි වාර්තා වුණේ.