― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඅටළුගම දැරියගේ ඝාතකයාට 27 වසරක සිර දඩුවමක්

අටළුගම දැරියගේ ඝාතකයාට 27 වසරක සිර දඩුවමක්

පානදුර, අටළුගම ප්‍රදේශයේදී නව හැවිරිදි දැරියක් මඩේ ගිල්වා මරා දැමීමේ චෝදනාව පිළිගත් විත්තිකරුවෙකුට බරපතල වැඩසහිත වසර 27ක සිර දඩුවමක් නියම කර තිබෙනවා.

මොහු මීට වසර දෙකහමාරකට පෙර මෙම ඝාතනය සිදු කර ඇති අතර ඊට අදාළ නඩුව අද (13) පානදුර මහාධිකරණ විනිසුරු සමන් කුමාර ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදීයි මෙම නියෝගය නිකුත් කෙරුණේ.

සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතන චෝදනාවට හා එම දැරියව ඇගේ මවගෙන් පැහැරගෙන ගොස් අපහරණය කිරීමේ චෝදනාවටයි විත්තිකරුට මෙම සිර දඩුවම නියම කර ඇත්තේ.

එමෙන්ම විනිසුරුවරයා නියෝග කර ඇත්තේ මියගිය දැරියගේ මවට රුපියල් ලක්ෂ 30ක වන්දියක් ගෙවන ලෙසයි.

එකී වන්දිය නොගෙවන්නේ නම් වසර හය හමාරක සිර දඩුවමක් ද විත්තිකරුට නියම කෙරුණා.

2022 මැයි මස 27 වැනිදා මෙම දැරිය නිවස ආසන්නයේ කඩයට ගොස් එන අතරතුරදීයි මෙම විත්තිකරු විසින් දැරිය දූෂණය කිරීමේ අරමුණින් ඇයව අසළ පිහිටි ලදු කැලෑවකට ගෙන ගොස් ඇත්තේ.

එම අවස්ථාවේදී දැරිය හයියෙන් කෑගසා ඇති අතර ඉන් බියට පත් විත්තිකරු ඇය මඩ වගුරුවක ඔබා ඝාතනය කර තිබෙනවා.