― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsඅමෙරිකානු තානාපතිනිය - වෙළෙඳ ඇමති හමුවෙයි

අමෙරිකානු තානාපතිනිය – වෙළෙඳ ඇමති හමුවෙයි

අමෙරිකානු තානාපතිනි ජූලී චන්ග් හා වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු අතර හමුවක් පවත්වා තිබෙනවා.

ඊයේ (12) වෙළෙඳ අමාත්‍යාංශයේදීයි මෙම හමුව පවත්වා ඇත්තේ.

ඉහළ ගොස් පවතින භාණ්ඩ මිල අවම කිරීම සඳහාත්, උද්ධමනය වඩා අවම අගයක් කිරීම උදෙසාත් ශ්‍රී ලංකාව සිය වෙළෙඳපොළ විස්තීරණය කළ යුතු බව අමෙරිකානු තානාපතිවරිය එහිදී පෙන්වා දී තිබෙනවා.

ඊට පිළිතුරු දෙමින් වෙළෙඳ අමාත්‍යවරයා පවසා ඇත්තේ මේ වනවිට වෙළෙඳ අමාත්‍යාංශය නිෂ්පාදන පිරිවැය අවම කිරීම, පසු අස්වනු හානිය වැළැක්වීම, නිෂ්පාදනයන්හි ගුණාත්මකභාවය ඉහළ නැංවීම තුළින් රටේ ආහාර සුරක්ෂිතතාවය ඉහළ නැංවීම සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇති බවයි.