― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeNewsAccidentකිලිනොච්චියේ රිය අනතුරක් - 06ක් රෝහලට

කිලිනොච්චියේ රිය අනතුරක් – 06ක් රෝහලට

කිලිනොච්චිය, කොකාවිල් ප්‍රදේශයේදී ඊයේ (12) පස්වරුවේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මාන්කුලම පොලිසිය පැවසුවේ ගමනාගමන මණ්ඩලයේ බස් රථයක් හා යුධ හමුදා සාමාජිකයින් පිරිසක් රැගෙන ගිය ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි.

මුලතිව්, තුනුක්කායි ප්‍රදේශයේ සිට යාපනය, කරෙයිනගර් දක්වා ගමන්ගත් ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් හා මාන්කුලම දෙස සිට කිලිනොච්චිය දෙසට ගමන්ගත් යුධ හමුදා සාමාජිකයින් රැගෙන ගිය ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් ලොරි රථය පෙරළී එහි ගමන්ගත් යුධ හමුදා සාමාජිකයින් සිව්දෙනෙකු තුවාල ලබා ඇති අතර බස් රථයේ රියදුරු හා බස් රථයේ ගමන්ගත් කාන්තාවක්ද තුවාල ලබා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය පැවසුවේ වේගය පාලනය කර ගැනීමට නොහැකිව මෙම අනතුර සිදුව ඇති බවයි. සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලිසිය වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.