― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsබංග්ලාදේශ කණ්ඩායමට නව නායකයෙක්

බංග්ලාදේශ කණ්ඩායමට නව නායකයෙක්

නජ්මුල් හොසේන් ෂැන්ටෝ බංග්ලාදේශ නව ක්‍රිකට් නායකයා ලෙස පත් කිරීමට කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඔහු ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස ආකෘති තුනේම නායකයා ලෙස කටයුතු කරනු ඇති.

බංග්ලාදේශ ක්‍රිකට් ආයතනයේ සභාපති නස්මුල් හසන් සඳහන් කළේ වසරක කාලයක් සඳහා ඔහු මෙලෙස බංග්ලාදේශ කණ්ඩායමේ නායකයා ලෙස පත්කළ බවයි.

නජ්මුල් හොසේන්ගේ නව නායකත්වය යටතේ බංග්ලාදේශ කණ්ඩායම සහභාගීවන පළමු තරගාවලිය ශ්‍රී ලංකාව සමඟ පැවැත්වීමට නියමිතයි.

එළඹන මාර්තු සහ අප්‍රේල් මාසවල දී ශ්‍රී ලංකාව සමඟ විස්සයි විස්ස තරග තුනකින්, එක්දින තරග තුනකින් සහ ටෙස්ට් තරග දෙකකින් යුත් පූර්ණ තරගාවලියක් පැවැත්වීමටයි සැලසුම් කර ඇත්තේ.

මේ අතර මීට පෙර වාර්තා පළවුණේ එළඹෙන විස්සයි විස්ස ලෝක කුසලානය තෙක් බංග්ලාදේශ විස්සයි විස්ස කණ්ඩායමේ නායකත්වයේ ෂකිබ් අල් හසන් කටයුතු කරන බවයි.