― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsයුක්තියෙන් තවත් 680ක් අත්අඩංගුවට

යුක්තියෙන් තවත් 680ක් අත්අඩංගුවට

ගෙවුණු පැය 24 තුළ දිවයින පුරා මෙහෙයුම්වලින් අපරාධකරුවන් 680 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මූලස්ථානය පැවසුවේ ඉන් මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධ සැකකරුවන් 554 ක් සහ අපරාධ අංශ වෙත යොමු කළ ලැයිස්තුවේ සිටි සැකකරුවන් 126 ක් අත්අඩංගුවට ගෙන ඇති බවයි.

සැකකරුවන් සන්තකයේ තිබී හෙරොයින් ග්‍රෑම් 168ක්, අයිස් ග්‍රෑම් 93 යි මිලිග්‍රෑම් 926ක්, ගංජා ග්‍රෑම් 925 යි මිලිග්‍රෑම් 156ක්, ගංජා පැල 1,044ක්, මාවා ග්‍රෑම් 356ක්, මත්පෙති 596ක් හා මදන මෝදක
ග්‍රෑම් 32ක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.