― political ―

තාරුණ්‍යයට අවශ්‍ය රැකියා රට තුළම නිර්මාණය කරනවා – ජනපති

මෙරට තරුණ තරුණියන් රැකියා සොයා විදේශගත වීම වෙනුවට එම තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා රට තුළ නිර්මාණය කිරීමේ ආර්ථික පරිවර්තනය වෙනුවෙන් ඉදිරි වසර 10 තුළ...
HomeHot Newsරෝහල් සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවයි

රෝහල් සඳහා ත්‍රිවිධ හමුදාව කැඳවයි

දිවයින පුරා රජයේ රෝහල්වල කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රෝහල්වලට ත්‍රිවිධ හමුදාව කැඳවා තිබෙනවා.

ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් සෞඛ්‍ය වෘත්තීය සමිති 72 ක් අද (13) පෙරවරුවේ වැඩ වර්ජනයක් ආරම්භ කරනු ලැබුවා.

ඒ අනුව සෞඛ්‍ය අමාත්‍යංශය විසින් ආරක්ෂක අමාත්‍යාංශයෙන් සිදු කළ ඉල්ලීමක් මත රෝහල්වල කටයුතු පවත්වාගෙන යාම සඳහා ත්‍රිවිධ හමුදාව යොදවා තිබෙනවා.

කොළඹ සහ මහනුවර ජාතික රෝහල්, කලුබෝවිල, කරාපිටිය, මහමෝදර, පේරාදෙණිය, අනුරාධපුර සහ කුරුණෑගල ශික්ෂණ රෝහල් ද අක්‍ෂි රෝහල කොළඹ, මාතලේ, පොලොන්නරුව, මැදිරිගිරිය, හිගුරක්ගොඩ, මඩකලපුව, දෙහිඅත්තකණ්ඩිය, හම්බන්තොට, දෙබරවැව, රත්නපුර, බලංගොඩ, ඇහැළියගොඩ, නාවලපිටිය, බදුල්ල, ඇල්පිටිය, හෝමාගම සහ කෑගල්ල ඇතුළුව රෝහල් 48 ක දෛනික කටයුතු බාධාවකින් තොරව අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා යුද්ධ හමුදාවේ 900 ක පමණ භට පිරිසක් දැනට යොදවා ඇති බවයි වාර්තා වන්නේ.

හදිසි අවශ්‍යතාවයක් ඇති වුවහොත් ඒ සඳහා යෙදවීමට තවත් භට පිරිස් සූදානම් කරන ලෙසත් වෘත්තීය ක්‍රියාමාර්ග හේතුවෙන් මහජනතාවට සිය දෛනික කටයුතු කිසිදු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම පියවර ගන්නා ලෙසත් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ආරක්ෂක අමාත්‍යංශයට උපදෙස් ලබා දී තිබෙනවා.