27.2 C
Colombo
Tuesday, November 18, 2025

― political ―

ගැමි දරුවෙක් රට පාලනය කරනවා දකිද්දී ආඩම්බරයි

ගැමි දරු­වෙක් රට පාල­නය කර­නවා දකින විට පක්ෂ­යක් ලෙස ඉතා ආඩ­ම්බර වෙන බව ජන­සෙත පෙර­මුණේ නායක බත්ත­ර­මුල්ලේ සීල­ර­තන හිමියෝ පැව­සූහ.කොළඹ, පක්ෂ කාර්යා­ල­යේදී පැවති මාධ්‍ය...
HomeHot Newsඋසස් පෙළ සිසුවියක් දිවි හැර යයි

උසස් පෙළ සිසුවියක් දිවි හැර යයි

මුලතිව්, පුදුකුඩිඉරිප්පු, ඉරනපලෙයි ප්‍රදේශයේ පදිංචි උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම් වූ පාසල් සිසුවියක් ඊයේ (12) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

අප වාර්තාකරු පැවසුවේ වයස අවුරුදු 18 ක් වූ උසස් පෙළ විභාගයට පෙනී සිටීමට සූදානමින් සිටි දැරියක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ දැරිය සිය නිවසේ කිසිවෙකුත් නොසිටි අවස්ථාවේ සියදිවි නසාගෙන ඇති බවයි.

අසල්වාසීන් විසින් දැරිය සම්බන්ධයෙන් විමසා බැලූ අවස්ථාවේ දැරිය සියදිවි නසාගෙන ඇති බව දැක ඇති අතර දැරිය පුදුකුඩිඉරිප්පු රෝහලට ඇතුළත් කොට තිබෙනවා.

පොලීසිය පැවසුවේ දැරිය රෝහල්ගත කරන අවස්ථාවේදීත් මියගොස් සිට ඇති බවයි.

පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා දැරියගේ මළ සිරුර පුදුකුඩිඉරිප්පු රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කොට ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබන්වා.