― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsකන්දකාඩු ගැන ඇමතිගෙන් විශේෂ තීරණයක්

කන්දකාඩු ගැන ඇමතිගෙන් විශේෂ තීරණයක්

පිළිගත් ජාත්‍යන්තර නීති රීති සහ ප්‍රතිපත්තිවලට පටහැනි නොවන ආකාරයෙන් මෙරට පුනරුත්ථාපන ක්‍රියාවලිය සිදු විය යුතු බව අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසනවා.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ පසුගිය කාලයේ ඇති වූ සිද්ධීන් සහ පුනරුත්ථාපන කාර්යාංශයේ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ පැවති විශේෂ සාකච්ඡාවකදීයි අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.

පසුගිය මාස කිහිපය තුළ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන් අතර නිරන්තරයෙන් ගැටුම් හටගත් අතර විටින් විට විශාල පිරිසක් මධ්‍යස්ථානයෙන් පළා ගොස් තිබුණා.

උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අධිකරණ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (13) පැවැත්වුණා.

මෙරට පුනරුත්ථාපන මධ්‍යස්ථානවල පවතින පරිපාලන දුර්වලතා මග හරවා ගැනීමේ අරමුණින් පුහුණුව සහිත නිලධාරීන් බඳවා ගැනීමට අවශ්‍ය අනුමැතිය දැනටමත් ලබා දී ඇති බවයි අමාත්‍යවරයා එහිදී සඳහන් කර ඇත්තේ.

ඒ අනුව අවශ්‍ය බඳවා ගැනීම් කඩිනම් කරන ලෙස අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.

එමෙන්ම පුනරුත්ථාපන ක්‍රියාවලිය තවදුරටත් විධිමත් කළ යුතු බව පැවසූ අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත්තේ මෙරට පුනරුත්ථාපන ක්‍රියාවලියේ පවතින අඩු පාඩු නිවැරදි කිරීම සදහා අවශ්‍ය යෝජනා කඩිනමින් ඉදිරිපත් කිරීමට හා පුනරුත්ථාපනය සම්බන්ධයෙන් පවතින නීති සහ රෙගුලාසි අවශ්‍ය පරිදි සංශෝධනය කිරීමට කටයුතු කරන ලෙසයි.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ ආරක්ෂාව සදහා යොදවා සිටින ආරක්ෂක නිලධාරීන් වැඩි කිරීම මෙන්ම පුනරුත්ථාපන මධ්‍යස්ථානය ස්ථාපිත කර ඇති ප්‍රදේශ දුෂ්කර ප්‍රදේශයක් වන බැවින් පහසුකම්වලින් යුත් ප්‍රදේශයකට ගෙන යාම පිළිබඳව සොයා බලන ලෙසත් අධිකරණ අමාත්‍යවරයා උපදෙස් ලබා දී තිබෙනවා.