― political ―

වතුකරයේ ජනතාවගෙන් රනිල්ට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් – ජීවන්

මෙවර ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහට අති විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාදීමට වතුකරයේ ජනතාව සූදානම් බව ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ අමාත්‍ය ජීවන් තොණ්ඩමන් පවසනවා. 2024 ජනාධිපතිවරණයේ මැතිවරණ...

HomeHot Newsපාතාල ලොක්කෙකුගේ අනියම් බිරිය හෙරොයින් සමඟ මාට්ටු

පාතාල ලොක්කෙකුගේ අනියම් බිරිය හෙරොයින් සමඟ මාට්ටු

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන ශිරාන් බාෂික්ගේ අනියම් බිරිඳ හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ සංකල්පයක් මත දිවයින පුරා ක්‍රියාත්මක යුක්තිය මෙහෙයුමට සමගාමීවයි ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඒ අනුව ඊයේ (13) විශේෂ කාර්ය බලකාය විසින් කැස්බෑව පොලිස් වසමේ අංක 86/01/C, හර්මන් මයිනර් මාවත, හල්පිට, පොල්ගස්ඔවිට ලිපිනයේ පිහිටි නිවසේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.

එහිදී හෙරොයින් මිලිග්‍රෑම් 480 සන්තකයේ තබාගෙන සිටි දෙහිවල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 46ක කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙම කාන්තාව මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ‘ශිරාන් බාෂික්’ යන අයගේ අනියම් බිරිඳ බවට තොරතුරු අනාවරණය වී ඇති බවයි පොලීසිය පවසන්නේ.

අත්අඩංගුවට ගත් කාන්තාව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කැස්බෑව පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.