― political ―

නිලන්ති කොට්ටහච්චි වෙනුවෙන් නීතිය අකුරට

පාර්ලිමේන්තු මන්ත්‍රී නිලන්ති කොට්ටහච්චි මහත්මියට අපහාසකාරී ලෙස සමාජ මාධ්‍යට පෝස්ටුවක් පළකළේ යැයි චෝදනා වන මිල්ලනිය ප්‍රදේශීය සභාවේ හිටපු මන්ත්‍රී රවීන්ද්‍ර නවමුණි අත්අඩංගුවට ගෙන ඇත. අපරාධ...

HomeHot Newsබස් ආරවුලකට මැදි වූ තරුණයින් 05ක් අත්අඩංගුවට

බස් ආරවුලකට මැදි වූ තරුණයින් 05ක් අත්අඩංගුවට

පෞද්ගලික බස් රථ රියදුරෙකුට හා කොන්දොස්තරවරයෙකුට පහර දුන් ශ්‍රී පාද වන්දනාවේ පැමිණි තරුණයන් පස්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ලංගම සහ පෞද්ගලික බස් රථ රියදුරන් අතර (14) මස්කෙළියේදි ඇති වූ ආරවුලක් හේතුවෙනුයි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ශ්‍රී පාද වන්දනාවේ පැමිණි වන්දනාකරුවන් පිරිසක් හැටන් ලංගම ඩිපෝවට අයත් බස් රථයකින් හැටන් දුම්රිය ස්ථානය දක්වා ප්‍රවාහනය කරන අතරතුර මස්කෙළියේ සිට හැටන් දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් ලංගම බස් රථය ඉස්සර කර යාමට අවස්ථා කිහිපයකදී උත්සාහ කිරීමත් සමඟ ලංගම බස් රථයේ පසුපස වීදුරුවකට කිසියම් පුද්ගලයෙකු විසින් ගල් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

එහිදී ලංගම බස් රථයේ ගමන් කරමින් සිටි තරුණයෙකු තුවාල ලබා ඇති අතර ඉන් කෝපයට පත් ලංගම බස් රථයේ ගමන් කරමින් සිටි තරුණයන් පස්දෙනෙකු බස් රථයෙන් බැස පසුපසින් පැමිණි පෞද්ගලික බස් රථයේ රියදුරා සහ කොන්දොස්තරවරයාට පහර දී ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

මස්කෙළිය පොලිසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණ බස් රථ දෙකම පොලිසිය වෙත රැගෙන ගොස්, පහර දීමට සම්බන්ධ වූ සැකකරුවන් පස්දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පහර කෑමට ලක්වූ පෞද්ගලික බස් රථයේ රියදුරු සහ කොන්දොස්තරවරයා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර
අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

මොවුන් අවු 22-24 වයස් කාණ්ඩවල පසුවන ගාල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අනාවරණය වී ඇත්තේ.